සෝමාවතී රක්ෂිතයේ  දැවැන්ත දැව සංහාරයක් – ගස් කැපූ දෙසීයක පිරිසෙන් ඇල්ලූ 53කට ඇප

126

සෝමාවතී රක්ෂිතය තුළදී විශාල ගස් කපමින් සිට පනස් තුන් දෙනෙකුගෙන් යුත් පිරිසක් දැව කැපීමට ගන්නා උපකරණද සමගින් අල්ලා ගැනීමට පසුගියදා කන්තලේ අග්බෝපුර පොලිසිය සමත්විය.

සෝමාවතී රක්ෂිතයේ  දැවැන්ත දැව සංහාරයක් - ගස් කැපූ දෙසීයක පිරිසෙන් ඇල්ලූ 53කට ඇප

දෙසීයකට අධික පිරිසක් රක්ෂිතයට ඇතුළු වී පළු, වීර වැනි වටිනාකමින් යුත් විශාල ගස් කපමින් සිටින බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කොට ඇති අතර ඉන් වැඩි පිරිසක් පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් පිරිස කන්තලේ පේරාරු ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය. මොවුන් එදිනම රාත‍්‍රී කන්තලේ වැඩ බලන මහෙස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත පනස් තුන්දෙනා නිදහස් කළ අතර මැයි මස 19 සහ 29 වෙනි දිනයන්හි මෙම නඩුව කැඳවීමට නියමිතය.

අග්බෝපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එම්. ජී. බී. දහම්පත්, උප පොලිස් පරීක්ෂක හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකොට තිබුණි.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment