අයිස්,හෙරොයින් ගැසූ ග්‍රාමසේවකලා මාට්ටු

229


මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරු දෙදෙනෙකු බීමතින් රාජකාරී කරණ බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී දෙදෙනාම අධිමාත්‍රාවලින් යුතු මත්ද්‍රව්‍ය පානය කොට සිටි බවට අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 38 ක හා 27 ක මෙම ග්‍රාම නිලධාරිවරු දෙදෙනාගෙන් එක් අයෙකු හෙරොයින්ද අනෙක් නිලධාරියා අයිස් මත්ද්‍රව්‍යද පානය කොට සිටි බව මුලතිව් රෝහලේදී ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

එම නිලධාරීන් දෙදෙනාගෙන් රාජකාරී ඉටු කරගැනීමට ගිය පිරිසක් සමග ග්‍රාම නිලධාරීන් දෙදෙනා රණ්ඩුවක් ඇතිකර ගත් නිසා ගම්වැසියන් සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩීඉරිප්පු පොලීසියට පැමිණිලි කොට ඇත්තේ ඔවුන් දෙදෙනා බීමත්ව සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment