එළඹෙන ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන්

296

ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත 2024 ලෝක කුසලාන පන්දු වාර 20 – 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව “ඩී” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලයයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජුනි මස 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග ජුනි 07 වැනිදා සහ නේපාලය සමඟ ජුනි 11 වැනිදා ඇමෙරිකාවේදීම තරග වැදීමට නියමිතය.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය ජුනි 16 වැනිදා නෙදර්ලන්තය සමඟ කොදෙව් දේශයේ සාන්ත ලුසියාහිදී පැවැත්වේ.

මෙවර තරගාවලිය ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 29 දක්වා පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 20 ක් තරගාවලියට එක් වීමට නියමිතය. මූලික වටයේදී කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වෙයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment