ජාතික ශූරතා දැල්පන්දු තරගාවලිය හෙට ඇරැඹේ…

126

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා නෙට්බෝල් තරගාවලිය සෙනසුරාදා සහ ඉරිදා (22 සහ 23) මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවැත් වීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය පියවර ගෙන තිබේ. අඛණ්ඩව තෙවැනි වරටත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය එක් කරනු ලබයි. හිටපු ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියක වන රංජනී ජයකොඩි මහත්මිය ශ‍්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධුරයට පත් වීමෙන් අනතුරුව සංවිධානය කර ඇති කුළුඳුල් ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා නෙට්බෝල් තරගාවලිය මෙය වේ. කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන මෙවර

තරගාවලියේ මූලික වටයට ඉදිරිපත්ව සිටින කණ්ඩායම් සංඛ්‍යාව 33 කි. ඒ අතර වාරයේ ශ‍්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ ලියාපදිංචි සංගම් 03 ක් මෙවර

තරගාවලියට ඉදිරිපත් වීමට අයැදුම්පත් යොමු කර නො තිබීම ද කැපී පෙනේ.

මෙම තරග සියල්ලම දිගන මධ්‍යම පළාත් සභා එළිමහන් ක‍්‍රීඩාංගණයේදී පැවැත් වේ. පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමය භාවිත කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසාන මහා තරගය දක්වා සියලූම තරග එහි

ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබීම ද විශේෂත්වයකි.

මෙවර තරගාවලියට අවතීර්ණ වී සිටින කණ්ඩායම් අතරේ ශූරතාව තහවුරු කර ගැනීමේ සටනේ ඉහළින්ම හැටන් නැෂනල් බැංකුව, ගුවන් හමුදාව, යුද හමුදාව සහ නාවික හමුදාව පසු වෙති. මීට වසර දෙකකට පෙර දිගන මධ්‍යම පළාත් සභා ක‍්‍රීඩාංගණයේ දීම පවත් වන ලද ආසන්නම ජාතික ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. එකී අනුශූරතාව ගුවන් හමුදාව සතු විය.

ඡුායාරූපයේ වමේ සිට දකුණට: ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් කුමුදිනී ගෝමස් මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අලෙවි ප‍්‍රධානී අශානි සේනාරත්න මහත්මිය, ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි රංජනී ජයකොඩි මහත්මිය සහ ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික සංජීවනී වනසිංහ මහත්මිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment