ඇතැම් මැති ඇමැතිවරුන් තෙල් රැස්කරගෙන සිටිනවා

221

ජනතාව පමණක් නොව ඇතැම් මැති ඇමැතිවරුන් ද ඉන්ධන තොග රැස්කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ ඉන්ධන අවශ්‍යතාව ඇති ඇතැම් මැති ඇමැතිවරුන් ඉන්ධන ටිකක් ලබාගැනීමට අවශ්‍ය බව තමාට පැවසුවහොත් දන්නා කියන ඉන්ධන හලකට දුරකථනයෙන් කතා කර ඉන්ධන ලබා ගැනීමට ඉඩ සලසා දෙන බවයි.

මේ අතර රාජ්‍ය ඇමැතිවරයකු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබුණේ තමා ද ඉන්ධන තොග රැුස්කරගෙන සිටින බවය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක කියා සිටියේ තමා මාස 6කට පමණ ප‍්‍රමාණවත් ඉන්ධන තොග රැුස්කරගෙන තිබෙන බවයි.

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ඉන්ධන ලබා ගැනීමට තමාට ද විනාඩි 40කට වඩා පෝලිමේ සිටීමට සිදුවූ බවයි. වරායට තෙල් නැව් එන බවත් විපක්ෂයේ නොමඟ යැවීම් නිසා ජනතාව බයට තෙල් රැුස්කර ගෙන සිටින බවත් වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පවසා ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment