ඉමියුනොග්ලොබියුලින් වංචාවට සම්බන්ධ තෝරු මෝරුන් අල්ලන්න

575

ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට සම්බන්ධ හාල්මැස්සන් පමණක් නොව, තෝරු මොරුන් ද අත්අඩංගුවට ගත යුතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය.

සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුවට වඩා වැඩි පාඩුවක් මෙම ඖෂධ වංචාවෙන් සිදු වී ඇති බවත්, එම වංචාව නිසා ජනතාවට අහිමි වු බදු මුදල් කෝටි 100 ක් පමණ ප්‍රමාණය වංචාව සිදුකළ අයගෙන් අයකර ගත යුතු බවත් ඒ මහතා කීය.

මෙම වංචාව සම්බන්ධයෙන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් නොනැවතී මෙම වංචාවට සම්බන්ධ ඉහළම පුද්ගලයන් ද අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

ඖෂධ ගෙන්වූ බව කියන ව්‍යාජ සමාගම එන්නත් 2200 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් ඉන් එන්නත් 2000 කට අධික ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිතා කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment