බර උසුලා යාපනය සරසවි සිසුවියෝ පළමුවරට ශූරියෝ වෙති

153

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ගල්ලෑල්ලේ දී ක්‍රියාත්මක කෙරුණු ජාතික ජ්‍යෙෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා ශූරතාව තහවුරු කර ගැනීමට යාපනය විශ්වවිද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජාතික ආධුනික කාන්තා බර ඉසිලීමේ ශූරතාව යාපනය විශ්වවිද්‍යාලය සතු වූ ප්‍රථම අවස්ථාව මෙය වීම කැපී පෙනුණි.

එකී අනු ශූරතාව සෙවනපිටිය විදුහලට හිමි වූ අතර තෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය සතු විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment