උසස් පෙළට අයදුම්පත් කැඳවයි

130

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසැල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් මෙම මස 30 වැනිදා දක්වා අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකුම අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ග ගත ක්‍රමවේදය මගින් පමණි.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරු වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වේ.

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ.ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.

මේ සම්බන්ධයෙන් වීමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112784537/ 0112784208 හෝ 1911 අංකවලින් විමසීම් කල හැක.

advertistmentadvertistment
advertistmentadvertistment