ඡන්දය කල්දාන ආණ්ඩුවේ උප්පරවැට්ටි ඔක්කොම පරාදයි

90

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට ආණ්ඩුව ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග පරදවමින් මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට සිය ප්‍රණාමය පුද කරන බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විවිධ පනත් ඉදිරිපත් කරමින්, කැබිනට් මණ්ඩල තීන්දු ගත් බව කියමින්, ඉන්ධන සහ මුදල් නෑ යැයි කියමින් එලෙස මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා මාර්ග ගනු ලැබුවද ඒ සියල්ල අසාර්ථක බවට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment