රන්ජන් එළියට ගන්න වගකීම හරීන්ට

306

මේ වන විට බන්ධනාගාරයෙහි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ ක‍්‍රියාවලිය මෙහෙයවීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා වෙත පැවරීමට එම පක්‍ෂය සහ විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර ඇත.

හරින් ප‍්‍රනාන්දු මහතාට සහ එම පක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් වෙත මෙම කටයුත්ත භාරදීමට කටයුතු කළ බව විපක්‍ෂ නායකවරයා එම පක්‍ෂ කණ්ඩායම් රැුස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

ඊට අමතරව රංජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන්නැයි ඉල්ලා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා තුන්වැනි වතාවටත් ලිපියක් යොමු කළ බව එම පක්‍ෂ නියෝජිතයකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment