සූර් වූ 04ක් වෛද්‍ය සහතික ගන්න ඇවිත්

191

බර වාහන රියදුරු බලපත්‍රයට අදාල වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි , තිස් දෙනකුගෙන් ලබාගත් මුත්‍රා සාම්පලවලින්, මත්ද්‍රව්‍ය පානය කල බවට අනාවරණය වූ, සිව් දෙනෙකුගේ වෛද්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බව , ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය.

එහෙත් වෛද්‍ය පරීක්ෂණය අසමත් වූ එම පුද්ගලයින් සිව් දෙනා , යළි දින දාහතරකින් පරීක්ෂණයට යොමු කරන අතර , එහිදී ද වෛද්‍ය පරීක්ෂණය අසමත් වුවහොත් දිවි ඇතිතෙක් බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද සභාපතිවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment