අරගලකරුවන්ට නීතිඥ සහාය අහිමි කරන පොලිස් උපායවලට ඉඩ දෙන්න එපා

304

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ප්‍රධාන මහෙස්ත්‍රාත්ට ලියයි

නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවස්ථා අහිමි වන පරිදි අධිකරණ කාලවේලාවලින් බැහැරව අධිකරණ නිලධාරීන්ගේ නිල මැදිරිවල හෝ නිල නිවාසවල ද ඒකපාක්ෂිකව කරුණු දක්වා සාමකාමී අරගලවල නිරත වන ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි නියෝග හා තීන්දු ලබාගැනීමට පොලිසිය දරන වෑයම මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ඊයේ (06 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළහ.

නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සහ ස්වභාවික යුක්ති මුලධර්ම ක්‍රියාවට නැංවීමේ දැඩි අවශ්‍යතාවක් පැනනැඟී ඇති වර්තමාන යුගයේ නීතිය බලගැන්වීමේ අධිකාරි සහ ආයතනවල නිලධාරීන්ගේ එවැනි ක්‍රියාකලාප නීතියේ යහපැවැත්මට සහ සාධාරණ නඩු විභාගයකට සිවිල් ජනතාවට ඇති හිමිකමට අගතිදායක ලෙස බලපාන්නේ යැයි ද එම නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රසික සංජීව මහතා ඇතුළු නිලධාරීහු එම ලිපිය මගින් දන්වා සිටිති.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment