ඔන්ලයින් අධ්‍යාපනය හොඳ දායාදයක් – මහචාර්ය සකුන්තලා

442

මාර්ගත අධ්‍යාපන ක්‍රමය ලාංකිකයන් වෙත ලද යහපත් දායාදයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක මහත්මිය පවසයි.

ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන අධ්‍යාපන ආකාරයන් හා සසැඳීමේදී අප රටක් ලෙස විශාල පසුබෑමක සිටි නමුත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අප ඊට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටින බවත් එය කොවිඩ් වසංගතය තුළින් අපට ලැබුණු හොද ප්‍රතිඵලයක් බවත් ඇය කිවාය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්ය බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමඟ අපට එතෙක් හුරු පුරුදු පංති කාමරය තුළ මුහුණට මුහුණලා කෙරුණු අධ්‍යාපනයෙන් තාවකාලිකව බැහැර වීමට සිදුවූ බවත් මේ නිසා අකමැත්තෙන් වුවත් ඔන්ලයින් ඔස්සේ කෙරෙන මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයට නැඹුරු වීමට සිදුවූ බවත් ඇය ප්‍රකාශ කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment