ආර්ථික අර්බුදයත් සමග විශේෂ අවශ්‍යතා ඇති අයගේ රැකවරණය අහිමිවෙලා!

173

විශේෂ අධ්‍යාපනවේදිනී ආචාර්ය ආශා දිල්රුක්‍ෂි

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට සිටින ලක්‍ෂ 17කට අධික විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන්, දරුවන් හා විශේෂ ආබාධිත පුද්ගලයන් ගැන රජයේ අවධානය යොමු

නො කිරීම හේතුවෙන් ඔවුන් අන්ත අසරණ වී සිටින බව ‘සමගි විශේෂ අවශ්‍යතා අත්වැල’ පදනමේ සභාපතිනි විශේෂ අධ්‍යාපනවේදිනී ආචාර්ය ආශා දිල්රුක්‍ෂි පෙරේරා මහත්මිය ‘දිවයින’ට පැවසුවා ය.

මේ හේතුවෙන් තමන් විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් හා දරුවන් සමග ගෝඨා – රනිල් ආණ්ඩුවට විරෝධය පෑමට කොටුව ගාලු මුවදොර අරගල භූමියට පැමිණි බව ද ඇය සඳහන් කළා ය.

දිවයින පුරා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ මධ්‍යස්ථාන 25ක් පිහිටා ඇති බවත් ඇය කියා සිටියා ය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේ ද පැවසුවා ය.

මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, වැඩිහිටියන් ගැන වගේම ආබාධිත දරුවන් ගැන රජය අවධානය යොමු කළේ නැහැ. රජයේ මැති ඇමැතිවරුන්ට කිව්වත් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ගැන ඒ අය අවධානය යොමු කළේ නැහැ. ඒ අය කළේ බොරුව.

විශේෂ අධික්‍රියාකාරී දරුවන්ට දෙන බෙහෙත් නැහැ. ඉන්ධන ගැටලුව නිසා මේ දරුවන්ව රෝහල්වලට අරගෙන යන්න විදිහක් නැහැ. විශේෂ ආබාධිත දරුවන්ට දීමනා ලැබෙන්නේ නැහැ. ගෙවල්වල ඉන්න විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හිරවෙලා ඉන්නේ. මේ ගැටලුවලට විසඳුම් දුන්නේ නැති නිසා අපිත් මේ ගාලු මුවදොර අරගලයට එකතු වුණා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment