පිටකොටුවේ තොරණ ඉදිකිරීම ඇරඹෙයි

331

බුදුන්ගේ තෙමඟුල සමරන වෙසක් මහෝත්සවය ගෙවී ගිය 2020 හා 2021 යන දෙවසරේදීම සමරන්නට ශ්‍රී ලංකාවාසී බොදුනු ජනතාවට සිදුවූයේ නිවසේ සිටමය.

ප්‍රතිපත්ති ප්‍රජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවට ද බැතිබර සිතින් විශේෂ ස්ථානයක් ලබාදෙන බැතිමතුනට වෙසක් සිරියෙන් ගම, නගරය, වර්ණවත් කරන්නට, ඒකාලෝක කරන්නට, විචිත්‍රවත් කරන්නට ගෙවුණු දෙවසරේදී නොහැකි විය. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසාවෙන් වැටකඩුළු බැඳුණේය.

වසරක් පාසා පිටකොටුව බෝධිරාජ සමිතිය මගින් කොළඹ පිටකොටුවේ ඉදිකෙරුණු දැවැන්ත තොරණ රාජයා දෙවසරක නිහඬතාවකින් පසුව මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අයුරු.

ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය.

advertistmentadvertistment
advertistmentadvertistment