අයි. එම්. එෆ්. එකඟතාව ගැන – අපි ජනවරමක් ඉල්ලනවා

361

අනුර කුමාර ඇමරිකාවේදි කියයි

අපි මැතිවරණයේදී මැන්ඩේට් එකක් ඉල්ලනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇවිත් තියෙන එකඟතාවයන් වෙනුවට නව එකඟතාවයන් ගැන සාකච්ඡා කිරීමට අපිට අවස්ථාවක් දෙන්න කියලා” යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ මහජන හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය.

අපි ජනවරමක් ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ක්‍රියාත්මක වෙමින් තිබෙන එම එකඟතාවයන් වෙනුවට නව එකඟතාවයන් කියන්න අපිට අවස්ථාව දෙන්න කියලා. ඒක ඒ අයට ප්‍රතික්ෂේප කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ අයි. එම්. එෆ්. එකත් එක්ක අවශ්‍ය දේ සාකච්ඡා කළේ නැහැ.

‘රනිල්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම අත්සන් කර ගැනීමේ තදියමක් තිබුණා. තදියම තමයි එයාගේ දේශපාලන ජයග්‍රහණය. ආර්ථික ජයග්‍රහණයක් නොවෙයි. පසුගිය මාර්තු 21 වැනිදා අයි. එම්. එෆ්. එක්ක ගිවිසුම අත්සන් කරනකොට එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ රතිඤ්ඤා දැම්මා. ඒ කියන්නෙ මොකක්ද? ඒක දේශපාලන ප්‍රොජෙක්ට් එකක්. රනිල්ට ජයග්‍රහණයක් පෙන්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කෙසේ හෝ එකඟතාවකට ආවා කියන එක තහවුරු කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වූ සාකච්ඡාව හෝ අපේ රට වාසිසහගත තත්ත්වයට මෙහෙයවන්න අසමත් වෙලා තියෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment