“ක්ලිෆර්ඩ් කුසලාන” ”සී. ආර්. ඇන්ඩ් එෆ්. සී.” සමාජයට

111

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ක්ලිෆර්ඩ් කුසලාන” ට හිමිකම් කියන්නට “සී. ආර්. ඇන්ඩ් එෆ්. සී.” සමාජය සමත් විය.

එකී අනුශූරතාව නාවික හමුදා ක්‍රීඩා සමාජය සතු විය.

අගනුවර ලොන්ඩන් පෙදෙසේ පිහිටී සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පෙරේදා (05දා) සවස කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී ක්‍රියාත්මක කරන ලද අවසාන තරගයේදී ලකුණු 24 – 18 ක තියුණු ජයග්‍රහණයක මිහිරි රස පානය කිරීමට “සී.ආර්.” කණ්ඩායමට හැකි විය. ඒ අනුව “සී.ආර්.” ක්‍රීඩකයෝ ක්ලිෆර්ඩ් කුසලාන දිනා ගත් 15 වැනි වර්ෂය ලෙස මෙය ඉතිහාසයට එක් විය. මීට පෙර 1952, 1954, 1955, 1956, 1968, 1959, 1965, 1966, 1969, 1971, 1987, 1988, 1989, 2006 “ක්ලිෆර්ඩ් කුසලාන” දිනා ගැනීමට එම කණ්ඩායමට හැකියාව ලැබිණ.

ජයග්‍රාහී “සී.ආර්.” කණ්ඩායම ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 04 ක් සටහන් කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගත් අතර පරාජිත නාවික හමුදා පිලේ ලකුණු එකතුව දඬුවම් පහර 06 ක් ආශ්‍රිතව සටහන් විය.

“සී.ආර්.”ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු එම්. වී. ළහිරු පවිත්‍ර සහ මොහාන් චතුර බණ්ඩාර සෙනෙවිරත්න උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. එහි පළමු ප්‍රවර්තනය සමගින් දඬුවම් පහර ත්‍රිත්වයක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කිරීමට මොහාන් චතුර බණ්ඩාර සෙනෙවිරත්නට හැකිවීම කැපී පෙනුණි. එමෙන්ම, තෙනුක නානායක්කාර විසින් එල්ල කරන ලද දඬුවම් පහර ද ජයග්‍රහණයට පිටුවහලක් විය. තම ශත සංවත්සරය සමරණ 2023 වසරේදී “ක්ලිෆර්ඩ් කුසලාන” සී.ආර් ඇන්ඩ් එෆ්.සී. පිල සතුවීම කැපී පෙණුනි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියට එක්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව 06 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment