ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සෝනි ස්පෝර්ට්ස් හිමි කර ගනී

397

ඉදිරි වසර හතර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතිය නැවත වරක් සෝනි ස්පෝර්ට්ස් ආයතනය විසින් ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

කෙසේ වෙතත් පසුගිය වර ගිවිසුමට වඩා අඩු වටිනාකමක් මෙවර ශ්‍රී ලංකාවට හිමි වී ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබෙන්න් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එම කාලයේදී පැවැත්වීමට නියමිත ඇති තරග ගණන අඩුවීමයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එම කාලය තුළදී පැවැත්වෙන්නේ ජාත්‍යන්තර තරග අටක් පමණක් වන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දියාව සමග තවත් තරග හයක් මෙම වසර හතර තුළ පවත්වන බව ප්‍රකාශ කර තිබෙන බැවින් එම තරග පැවැත්වීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරග සංඛ්‍යාව ඉහළ යන අතර ඒ සමඟ මෙම ගිවිසුමේ වටිනාකම ඉහළ යනු ඇති බවද එම මාධ්‍ය වාර්තා කර සිටී. 2023-27 කාලසීමාවේ ශ්‍රී ලංකාව තුළ තරග 56ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment