නදීෂා හෙල්ලෙන් 14 වැනි තැනට

180

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ මූලික වටයේ තරග සඳහා ඊයේ (23 වැනිදා) සහභාගි වූ නදීෂා දිල්හානි ලේකම්ගේ 14 වැනි ස්ථානයට පත් වූවාය.

එහිදී ඇය විසින් ප්‍රදර්ශනය කරන ලද දක්ෂතාවය මීටර් 55.89 කි.

ඒ අනුව ඇය අවසාන තරග සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අතර මෙවර තරගාවලියේ මූලික වටය යටතේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වට මීට පෙර සහභාගි වූ අරුණ දර්ශන ද 6 වැනි ස්ථානයට පත් වූයේය.

හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී මෙවර තරගාවලිය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment