සූර්ය බල විදුලියෙනුත් අත යට ගැහිල්ලක්! – අනුර කුමාර මැති සබයේදී කියයි

309

පිටුපස ආණ්ඩුවේ බලවතෙක්

ගල්අඟුරු මගින් විදුලිය ඒකකයක් රුපියල් 22 කට නිපදවීමට හැකි වුවද සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට රුපියල් 50ක් වැය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අත යට ගනුදෙනුවක් කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇතැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය.

එවැනි මුදලකට සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියකට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවසර දී ඇතැයිද ඒ සඳහා දේශපාලන හෙංචයියෙකු මුල්වී ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.

මෙවැනි ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට යෝජනා කර ඇතැයි කී ඒ මහතා මෙවැනි දේවල්වලින් මෙරට බලශක්ති ගැටලුව උග්‍ර වන බවද කීවේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment