මත්තල ගුවන් තොටු පොළට ටී 56 ගිණි අවියක් ගිය හැටි හෙළිවේ

516


මත්තල ගුවන් තොටු පොළ තුළට ටී 56 වර්ගයේ ගිණි අවියක් රැගෙන ගිය කතාව සම්බන්ධව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත මහතා පැහැදිලි කිරීමක් කරයි.
මත්තල ගුවන් තොටු පොල තුළට කිසිදු අයුරකින් ටී 56 වර්ගයේ ගිණි අවියක් කිසිදු නිළධාරියෙකු රැගෙන ගොස් නෑ.එය බොරුවක්. ඉහළ නිළධාරීන් දැනුවත් නොකර යම් ආරක්ෂක පරීක්ෂණයක් කළා කියන කතාවත් අසත්‍යක්.ගුවන් තොටුපොල වල ආරක්ෂාව පිළිබදව වගකියන්නේ මම.නිසි බළධාරියා විසින් ඒ පිළිබද බලය පවරලා තියෙනවා.ඒ අනුව ගුවන් තොටු පොලහි නිසි පරිදි ආරක්ෂාව තිබේද යන්න පිළිබදව බැලීමේ වගකිම තියෙන්නේ මට.ඒ නිසා අපි ගුවන් තොටු පොළ තුළ ආරක්ෂා පිළිබදව සොයා බැලිම සදහා කෝවඩ් ටෙස්ට් කියලා එකක් කරනවා.ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් තොටුපොල තුළ ආරක්ෂාවට යොදවා සිටින නිළධාරින්ට එය හසු කරගැනීමට හැකිද නැද්ද යන්න පරික්ෂා කිරිමයි.ඒ අනුව අපි මත්තල ගුවන් තොටු පොල තුළත් යම් පරික්ෂණයක් සිදු කළා.මෙවැනි කටයුතු සදහා යොදා ගැනීමට අපි ළග වෙනම ගිණි අවියට සමාන ගිණි අවි තිබෙනවා.ඒවට අපි කියන්නේ ටෙස්ට් පීස් කියලා.එය පිස්තෝලයකට සමාන එකක්.ඒවයෙන් වෙඩි තියන්න බෑ.මේ වගේ පරීක්ෂණ කටයුතු සදහා පමණයි අපි යොදා ගන්නේ.මත්තල ගුවන් තොටු පොළ තුළත් මා එවැනි ටෙස්ට් එකක් කළා.

advertistmentadvertistment
advertistmentadvertistment