තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

138

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ඉකුත් 27 වැනිදා ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත. මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එහිදී පසුකම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment