බර ඉසිලීමෙන් පදක්කම් දිනූවෝ පැමිණෙති

223

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රන් පදක්කමක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ඊයේ (16 වැනිදා) කටුනායක ගුවන් තොටුපළින් දිවයින වෙත පැමිණියහ. මෙම තරගාවලිය පසුගිය 10 වැනිදා සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 72 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන මලීෂ දිල්ෂාන් කනිෂ්ඨ අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය.

සංජානා වෙදආරච්චි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ යන අංශ දෙකෙන්ම ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 02 ක් දිනා ගත් ක්‍රීඩිකාව බවට පත් වී තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද, මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ ඡායාරූපය .

වමේ සිට දකුණට

මලීෂ දිල්ෂාන් (රන්) පොළොන්නරුව රාජකීය විද්‍යාලය, චින්තන විදානගේ (රිදී ) ශ්‍රී ලංකා නාවික හමුදාව, කමල් එගොඩවත්ත (රිදී) ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දික දිසානායක (ලෝකඩ) ශ්‍රී ලංකා නාවික හමුදාව, අයේෂි සුරංගි (රිදී) ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සංජානා වෙදආරච්චි (ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශයේ ලෝකඩ පදක්කම් 02), අංජු මිනුවන්දන (ලෝකඩ) පොළොන්නරුව රාජකීය විද්‍යාලය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment