උ.පෙළ ජනවාරි 4දා සිට

103

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස (ජනවාරි) 04 දා ආරම්භ කෙරේ.

ඒ අනුව එම විභාගය විභාග මධ්‍යස්ථාන 2600 කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන අතර විභාගයට මුහුණ දෙන සිසුන් පැය භාගයකටවත් පෙර සිය විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. විභාගයට මුහුණ දීමට විභාග ප්‍රවේශ පත්‍රය සහ ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන් ළඟ තිබිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment