අශාන් දඹුල්ලට ජය ගෙන දෙයි

76

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු කොටගත් කළම්බු පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර කළම්බු ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 195කට දැවී ගියහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

දඹුල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය අශාන් ප්‍රියංජන් පන්දු 71කදී හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 50ක් වාර්තා කළ අතර, දුශාන් හේමන්ත පන්දු 46කදී හතරේ 3ක් සමග නොදැවී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

කළම්බු පිලේ වැඩිම ලකුණු ලබාගත් දසුන් ශානක හා අශේන් බණ්ඩාර පිළිවෙළින් පන්දු 50කදී හා පන්දු 41කදී හතරේ පහර 3 බැගින් එල්ල කොට ලකුණු 35 බැගින් ලබාගත්හ. කළම්බු පිලේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පන්දු 39කදී හතරේ පහර 3ක් සමග ලකුණු 29ක් ලබාගත් අතර, අවසන් කඩුල්ලට ලකුණු 26ක් එක් කළ ඉසිත දේව් විජේසුන්දර පන්දු 29කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 24ක් ලබා ගැනීම හැර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු අටේ සීමාවෙන් ඉහළට පැමැණීමට දඹුල්ල පිලෙන් ඉඩක් නොලැඹුණි.

දඹුල්ල පිලේ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් දවාගත් අතර, ළහිරු සමරකෝන් හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිඳහෙළා ගත්හ.

තරගයේ වීරයා – අෂාන් ප්‍රියංජන්

advertistmentadvertistment
advertistmentadvertistment