නිරෝගී වීමට සිදුකරන ආහාර පාලනයෙන් රෝගී වීම

357

අප බොහෝදෙනා වර්තමානයේ රෝගී වී ඇත්තේ නීරෝගී වීමට යැයි කියා පවසමින් තම ආහාර රටාවන් වෙනස් කර ගැනීම නිසා බව ඔවුන් පවසන තොරතුරු අනුව වැටහේ. විශේෂයෙන්ම කාන්තාවෝ තමාගේ සිරුරේ බර අඩුකරගැනීමට යැයි පවසමින් තම ආහාර රටාවන් සහ ආහාර ගනු ලබන ප්‍රමාණය නිසි අවබෝධයකින් තොරව සීමාකිරීම නිසා පෝෂණ ඌනතාවයනට ලක්ව සිටිති. එහිදී ඔවුන් අනුගමනය කරන වැරදි ආහාර රටාවක් වනුයේ රාත්‍රී ආහාරවේල නොගැනීමය.

රාත්‍රී ආහාරවේල යනු අපගේ දවසේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් එකකි. එම ආහාරවේල් තුන ගැනීම සිරුරේ නිසි පෝෂණය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය ය. කළ යුත්තේ එම

ආහාරවේල් තුන සඳහා ගනු ලබන ආහාර ප්‍රමාණය සීමා කිරීමය. එය කළ යුත්තේ නිසි වෛi උපදෙස් අනුවය.

වයස අවුරුදු 18 දක්වා කාලසීමාව යනු ගැහැනු සහ පිරිමි දරුවන්ගේ සිරුරේ වර්ධන අවධියයි. මෙම කාලසීමාව තුළ ඔවුනට ප්‍රෝටීන්, විටමින් ආදිය අඩංගු ආහාර අවශ්‍යය. එනිසා මෙම කාලසීමාව තුළ කවුපි, කඩල, මුං ඇට, තල ආදී ධාන්‍ය වර්ග එළවළු සහ පලා වර්ග වැඩිපුර ආහාරයට අවශ්‍යය.

මෙම වයස තුළ ක්‍රියාශීලීව සිරුර කටයුතු කරන බැවින් වැඩිපුර ශක්තිය ද අවශ්‍යමය. ඒ සඳහා පොල්සම්බෝල, පොල් කිරි මිශ්‍රකර සැකසූ ආහාර ලබාදිය යුතුය.

අධික ලෙස තෙල් සහ ලුණු සහිත ක්‍ෂණික ආහාර වර්ග ලබාදීම සීමා කළ යුතුය.

වයස අවුරුදු 18 න් පසු අවධානය යොමුකළ යුත්තේ සිරුරේ ඇතිවූ වර්ධනය පාලනය කර ගැනීමට අවශ්‍ය ආහාර පාන ගැනීමටය. බොහෝදෙනා මෙහිදී සිදුකරන්නේ උදේ සහ දහවල් ආහාරවේල් දෙක ගෙන රාත්‍රී ආහාරවේල නොගෙන සිටීමය. ඇතැම්දෙනා රාත්‍රී ආහාර වේල ලෙසට පලතුරු වර්ග ආහාරයට ගනිති.

එසේම තම උදේ සහ දහවල් ආහාර වේල් දෙකට එක්කර ගන්නා ආහාර දෙස බැලූවිට එහි වැඩිපුරම ඇත්තේ පිෂ්ටය සහිත ආහාරය. බත් සමඟ ව්‍යාංජන ලෙස යොදා ගන්නේ අල වර්ග, කොස්, දෙල් ආදියයි. මේවා බත් වලට ආදේශක මිස ව්‍යාංජන නොවේ. එනිසා මෙවැනි ආහාරවේලකින් සිරුරට වැඩිපුර එක්වනුයේ පිෂ්ටයයි. ඉන් සිරුර මහත්වීම සහ සීනි වැඩිපුර එක්වීම සිදුවේ. බොහෝදෙනා මෙම ආහාර ගැනීමට රුචිකත්වයක් දක්වන්නේ ඉන් කුස පිරෙන නිසාය.

නමුත් ප්‍රධාන ආහාර වේලකට බත් එක්කරගන්නේ නම් එහි ව්‍යාංජන ලෙස මැල්ලුමක්, පලා වර්ගයක්, එළවළුවක් අවශ්‍යනම් මාළු හෝ මස් වර්ගයක් තිබිය යුතුය. පලා වර්ග සහ එළවළු වර්ගවල මේදය නොමැත. ඒවායේ ඇත්තේ ප්‍රෝටීන්, විටමින් වර්ග සහ කෙඳි සහිත බවය. එනිසා පලා වර්ග සහ එළවළු වැඩිපුර ආහාරයට ගැනීමෙන් තරබාරු නොවේ. ඇතැම් දෙනා රාත්‍රී ආහාරය ලෙස පලතුරක් හෝ වතුර වීදුරුවක් පානය කරති. මින් සිදුවන්නේ රාත්‍රියට ආමාශය වැඩි වේලවක් හිස්ව පැවතීම නිසා ආමාශයේ අම්ල බව අධිකවීමය. ඉන් ගැස්ට්‍රයිටීස් හටගනී. එසේම උදෑසන කුසගින්න අධික වීම නිසා වැඩිපුර ආහාර ගනී. එහිදී වැඩි වශයෙන්ම ආහාරයට ගන්නේ පිෂ්ටය අධික ආහාර වේලකි.

මෙම ආහාර පුරුදු නිසා සිදුවන්නේ දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ මතුවීමය. විශේෂයෙන්ම ගැස්ට්‍රයිටීස් පැවතීම නිසා නිතර අතපය වේදනාව, බඩපුරවා දැමීම, බඩ දැවිල්ල, ආහාර අරුචිය ආදී අපහසුතා පවතී. මෙවැනි රෝගවලදී බොහෝදෙනා හන්දිපත් රෝග යැයි සිතා ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමුවේ. එනිසා නිරෝගී බව රැකගැනීම සඳහා ආහාර පාලනයේදී නිසි වෛi උපදෙස් මත එය සිදුකළ යුතුය.

නිරෝගී වීමට සිදුකරන ආහාර පාලනයෙන් රෝගී වීම

සෘෂි නාඩි වෛද්‍ය මහාචාර්ය දියවැඩියාව, පිළිකා, සෙම් රෝග විශේෂ
වෛද්‍ය ජිනසිරි ලයන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment