මුත්‍රා පිටකිරීමට බාධා ඇති කරන පුරස්ථි ග්‍රන්ථි විශාලවීම

2901

පුරුෂයන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව පිහිටා ඇති මෙම පුරස්ථි ග්‍රන්ථිය ගෙඩියක ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුක්තව මුත්‍රාශයට යටින් මුත්‍රා නාලය ආරම්භ වන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා එමෙන්ම එම ග්‍රන්ථිය මුත්‍රා නාලය වටකර ගෙන ඇත. පුරුෂයන්ට ධාතු වල ශක්තිය පාලනය කිරීමට අවශ්‍ය ස්‍රාවයන් ස්‍රාවය කරන්නේ මෙම පුරස්ථි ග්‍රන්ථි මගිනුයි. පුරස්ථි ග්‍රන්ථි නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට හෝර්මෝන අවශ්‍යයි. පුරුෂයකු විසින් නිපදවන ප්‍රධාන හෝර්මෝන වර්ධනය Testosterone එය නිපදවන්නේ පුරස්ථි ග්‍රන්ථි මගිනුයි.

● රෝග ලක්ෂණ

★ විවිධ වයස් කාණ්ඩ වලදී පුරුෂයන්ට පුරස්ථි ග්‍රන්ථියේ විවිධ ආසාදනයන් හේතුවෙන් මුත්‍රා මාර්ගය අවහිර වූ විටදී හටගන්නා රෝග ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් ලැබිය යුතුම වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාව මෙයට බලපානු ඇත. පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන ප්‍රදාහක තත්ත්වයන් නිසා හට

ගන්නා රෝග තත්ත්ව ලෙස පුරස්ථි ග්‍රන්ථි ආසාදනයට ලක්වීම. ඉදිමීම, පිළිකාමය තත්ත්වයන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

★ කඩින් කඩ මුත්‍රා පිට කිරීමට වුවමනා වීම, අඩු ප්‍රමාණයක් පිට වීම.

★ මුත්‍රාශයේ ඇති මුත්‍රා සියල්ල පිට නොවීම නිසා නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනීම, මුත්‍රා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වීම.

★ රාත්‍රි කාලයට කිහිප වතාවක් මුත්‍රා කිරීමට සිදුවීම. මෙය අතිශයින්ම නින්දට බාධාවකි.

★ මුත්‍රා කරන වේගය අඩුවීම.

★ මුත්‍රා පිටකිරීමට බොහෝ වේලාවක් ගතවීම.

★ මුත්‍රා පිට කිරීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවීම.

★ මුත්‍රා පිටකිරීමේදී ඇතිවන වේදනාව, අපහසුතාව, දුගඳක් දැනීම, පිච්චෙනවා වගේ දැනීම.

★ ශිෂ්ණය ප්‍රාණවත් වීමේ අපහසුතාව.

මෙවැනි රෝග ලක්ෂණ ගෙන දෙන හේතු සාධක මොනවාද?

පුරුෂයන්ට මුත්‍රා කිරීමේ අපහසුකම පුරස්ථි ග්‍රන්ථි තුළ ඇතිවන වෙනස්කම් පමණක් නොව මුත්‍රාශය හා වකුගඩුද මෙයට බලපානු ඇත. පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් තුළදී ප්‍රධාන හේතු සාධක වූ රෝගී තත්ත්ව 3ක් පවතී.

පුරස්ථි ග්‍රන්ථි විසබීජ ආසාදනය වීම (Prostatitis)

අඩු වයස පුරුෂයන්ට විශේෂයෙන් වයස අවුරුදු 35-55 දී ඇතිවන මුත්‍රා ආසාදන තත්ත්වයක් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම බලපානු ඇත. විශේෂයෙන්ම මෙය හටගන්නේ විසබීජයක් ශරීරගත වීමෙනි. මේ නිසා මුත්‍රා දැවිල්ල ඇතිවීම වේගයෙන් මුත්‍රා කිරීමේ අපහසුතාව, මුත්‍රා ගඳ ඇතිවීම, මුත්‍රා සමග ලේ යාම, සැරව යාම, මුත්‍රා කිරීමේ අපහසුතාව වැනි ලක්ෂණය ඇතිවීමට හේතු සාධක වනවා.

පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම (Prostate Gland Enlarged)

පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව හට ගන්නා රෝග තත්ත්වයකි. මෙය බහුලව දැකිය හැකි වන්නේ අවුරුදු 45-65 යන වයසේදීය. වයස්ගත වීමත් සමග මේ තත්ත්වයට ගොදුරු වන අතර පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම මෙහිදී සිදුවේ. එහි මදය කොටස විශාල වේ. මෙහිදී පුරස්ථි ග්‍රන්ථයේ මදය විශාල වීමත් සමග මුත්‍රා මාර්ගය අවහිර වේ. මුත්‍රා පිට කිරීමේ අසාමාන්‍යතා සමගින් රෝග ලක්ෂණ එම ඇරඹේ. මෙය B.P.H'(Benign Prostatic Hyperplasia) නම් තත්ත්වයයි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාමය තත්ත්වය ඇතිවීම

පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමත් සමග ඇතැමුන් එය පිළිකාමය තත්ත්වයක් ලෙස වර්ධනය වේ. රෝග ලක්ෂණ වලින් පිළිකාමය තත්ත්වයන්ද පිළිකාමය නොවන තත්ත්වයන්ද යන්න වටහා ගත නොහැකි වේ. එම නිසා පරීක්ෂණ මගින් එය සනාථ කරගත යුතුව ඇත. මෙය ජානමය තත්ත්වයක් මත සිදුවේ. අවුරුදු 65-85 වයසක අය මේ සඳහා ගොදුරු වීමේ ප්‍රතිශත කාණ්ඩයට අයත්ය.

● අවදානම් සාධක

ඇතැම් විට පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමුම නිසා මුත්‍රා සම්පූර්ණයෙන් නවතින්ටද පුළුවන් (Urinary Retention) එනම් මුත්‍රා සම්පූර්ණයෙන් පිටනොවීම.

★ ඇතැම් විට මුත්‍රා කළත් මුත්‍රා ඉතිරි වීමක් සිදුවේ නම් මුත්‍රා පල්වීමෙන් මුත්‍රා ආසාදන තත්ත්ව නිතර හටගැනීම, මුත්‍රා ගල් ඇතිවීම, මුත්‍රා බොක්ක, මුත්‍රා වාහිනී හෝ වකුගඩුවල ආබාධ හට ආබාධ හට ගැනීම, අවසානයේ වකුගඩු අකර්මන්‍ය වීම, පිළිකාමය තත්ත්ව ඇතිවීම.

හඳුනාගත හැකි පරීක්ෂණ.

මෙහි රෝග පරීක්ෂාව වෛද්‍යවරයා විසින් සිදුකරයි. මුත්‍රාශය හා වකුගඩු ආදිය සඳහා පරීක්ෂණ වර්ග කිහිපයක් සිදු කරයි.

Prostate Gland Scan පරික්ෂාව, CTC Scan පරික්ෂාව.

මුත්‍රා මගින් සිදු කරන පරීක්ෂණ

UFR, Urine Culture,

ලේ මගින් සිදු කරන පරීක්ෂණ.

FBC, CPR, PSA පිළිකා තත්ත්ව පරික්ෂාව.

කෑම බීමවල බලපෑමක් දැකිය හැකිද?

රෝගය ඇතිවීමට විශේෂයෙන් ආහාර බලනොපෑවත් රෝග ලක්ෂණ මතුවූ විට උෂ්ණ අධික ආහාර, අමිල අධික ආහාර නොගත යුතුයි. ඒ වගේම වතුර බීම පාලනය කෙරේ. රාත්‍රී කාලයට වතුර බීම හැකි තරම් අඩුකළ යුතු අතර දහවල තිබහට පමණක් වතුර බිමට උපදෙස් ලැබේ. ඇතැම් අවස්ථා වතුර බිව් විටදී රෝග ලක්ෂණ වැඩිවන බැවිනි.

● හෝමියෝපති ප්‍රතිකාර

පුරුෂයෙකුගේ පුරස්ථි ග්‍රන්ථිවල ඕනෑම ආකාර ප්‍රදාහක තත්ත්වයන් ඇතිවූ විට පෙන්වන රෝග ලක්ෂණ, හටගත් රෝග මූලයේ සංඥාවයි. සංඥාව නිවා දැමීම පාලනයයි. එය නැති කර දැමීම සුවයයි. එය නැතිකර දැමීම හෝමියෝපති ප්‍රතිකාරයේ ක්‍රමවේදය වනු ඇත. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ අන්තර්ගතය වනුයේ හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ මූලධර්මයට අනුව පෙන්වන රෝග ලක්ෂණයට අනුව නිවැරදිව දෙනු ලබන ඖෂධය රෝග මූලය නැති කර යථා තත්ත්වයට පත්කිරීමට බලපෑමක් එල්ල කර දුර්වල ප්‍රතිශක්තිකරණය උත්තේජනය කොට යළි යථා තත්ත්වයට ගැනීමයි. එවිට මුත්‍රා විසබීජයට එරෙහිව ඖෂධ ක්‍රියාවලිය සටන්වදී, ප්‍රදාහක තත්ත්වය නැති කරයි. පුරස්ථි ග්‍රන්ථි ඉදිමුම ක්‍රම ක්‍රමයෙන් නැතිවී යයි. මුත්‍රා පිට කිරීමේ වේදනාව නැතිවී, සම්පූර්ණ ක්‍රමානුකූල රටාවකට මුත්‍රා පිටකිරීමට සලස්වයි. පහසු කරයි. වරින්වර පිටකිරීමේ අවශ්‍යතාව නැතිව යයි. මෙහිදී පූර්ණ සුවයක් අත්දකිනු ඇත.

මෙය පුරුෂයන්ට පමණක් නොව කාන්තාවන්ගේ මුත්‍රා පිටකිරීමේ මුත්‍රාශය ආශ්‍රිතව සියලු රෝග තත්ත්වයන්ටද, දෙපාර්ශ්වයෙම අනිකුත් රෝග තත්ත්වයන්ටද, එකවර ප්‍රතිකාර කළ හැකි ස්ථිර සුවය ළඟාකර ගතහැකි වෛද්‍ය ක්‍රමයකි.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718250717 ඇමැතිය හැකිය.

මුත්‍රා පිටකිරීමට බාධා ඇති කරන පුරස්ථි ග්‍රන්ථි විශාලවීම

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment