සුලෝහිත සටන ජය පැරදුමෙන් තොරයි

212

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්ද විද්‍යාලය අතර පැවති 94 වැනි සුලෝහිත සංග්‍රාමය පිතිකරුවන් රජ කරමින් ජය පරාජයෙන් තොරව ඊයේ (03 වැනිදා ) සවස අවසන් විය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා ආරම්භ වූ එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ නාලන්ද විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටු වූ අතර ඊට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය ද කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තේය.

ඒ අනුව පළමු ඉනිමේ ආනන්ද විදුහල නාලන්දා විදුහලට වඩා පෙරමුණේ සිටි අතර දෙවෙනි ඉනිමේදී යළි නාලන්ද විදුහල පන්දු ඕවර් 24 ක් තුළදී කඩුලු හතරක් දැවී ලකුණු 100 ක් ලබා සිටියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේය.

මෙම තරගයේදී නාලන්ද විදුහලේ නායක සජිත විතානගේ පළමු ඉනිමේදී නොදැවී ශතකයක් වාර්තා කළ අතර සදෙව් සමරසිංහ ලකුණු 84ක් ලැබීය.

ආනන්ද විදුහල වෙනුවෙන් දනිද විතානගේ ලකුණු 71 ක් සහ කිත්ම විතානපතිරණ ලකුණු 76 ක් ලබා ගත්හ.

ලකුණු සාරාංශය

නාලන්දා විදුහල මුල් ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 277 (ඕවර් 78.2)

සදෙව් සමරසිංහ 84, සජිත විතානගේ නොදැවී 100, ඔසඳ පමුදිත 31, මනුප මන්මිත 24 (අශිංස නයිනායක 76/3, කවීෂ මෙන්ඩිස් 51/2, යසඳු කිරිඇල්ල 33/2, රුවිෂාන් පෙරේරා 56/1)

ආනන්ද විදුහල මුල් ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 286 (ඕවර් 79.4)

කංචන ද ලිවේරා 33, අශිංස නයිනායක 31, දිනද අතලගේ 71, ඉරුත් ගිම්ෂාන් 22, කිත්ම විතානපතිරණ 76, ඉසුරු අයේෂ් 20 (ඔසඳ පමුදිත 19/3, තිසර දෙව්දුනු 58/1, නඳුල් 33/1, හසිත් රත්නායක 42/1, සනිතු විජේරත්න 43/2)

නාලන්දා විදුහල දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 120 (ඕවර් 24)

සදෙව් සමරසිංහ 43, රිසත් ජයරත්න 15, මනුප මන්මිත 41, සජිත විතානගේ නොදැවී 15 (කවීෂ මෙන්ඩිස් 24/2, රුවිෂාන් පෙරේරා 28/1)

advertistmentadvertistment
advertistmentadvertistment