ඉන්දීය නායිකාවට දැඩි දඬුවම්

3936

බංග්ලාදේශය සමග පැවැති ක්‍රිකට් තරගාවලියේ ආවේගශීලී ලෙස හැසිරුණු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කවූර් හට ඊට දඬුවමක් ලෙස ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු තරග දෙක අහිමි වී තිබේ.

බංග්ලාදේශය සමග පැවැති අවසන් එක්දින තරගයේ දී දැවී යෑමෙන් පසු ආවේගශීලීව පිත්තෙන් කඩුලුවලට පහර දුන් ඇය පසුව ත්‍යාග ප්‍රදාන උත්සවයේ දී විනිසුරුවරයන්ට විරුද්ධව වාග් ප්‍රහාර ද එල්ල කළාය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඇයට දඬුවම් පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇයට ඉහත දඬුවමට අමතරව දඬුවම් ලකුණු හතරක් සහ තරග ගාස්තුවෙන් 75%ක දඩයක් ද නියම කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment