මහේලගෙන් විදුහලේ කායවර්ධන මධ්‍යස්ථානයට පරිත්‍යාගයක්

426

කොළඹ නාලන්දා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිති කරගනිමින් ඉදිකිරීමට යෝජිත නව තාක්ෂණික සිව්මහල් ගොඩනැගිල්ල සහ කායවර්ධන මධ්‍යස්ථානයක් සහිත එකවර ක්‍රීඩා 10කට ආසන්න ප්‍රමාණයක් පුහුණුවීම් කළ හැකි තෙමහල් ක්‍රීඩා සංකීර්ණය වෙනුවෙන් සිය පෞද්ගලික මුදලින් සුවිශේෂී මුදලක් කීර්තිමත් ආදි නාලන්දියෙකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් විද්‍යාලය වෙත පිරිනැමීම ඉකුත්දා සිදු විය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රථම දායකත්වය මෙය වීමද සුවිශේෂී වන අතර මෙහිදී නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මඩුල්ල විසින් ද සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටියක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා පිරිනැමීය.

නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 2023/24 වාරය සඳහා පත් වූ නව නිලධාරින්ගේ ප්‍රථම විධායක රැස්වීම එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම මූල්‍ය පරිත්‍යාග සිදු විය.

මෙම අවස්ථාව සඳහා නාලන්දා විද්‍යාලයේ විදුහල්පති යූ. ඩී. ඉරාන් චම්පික සිල්වා මෙන්ම නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරිහු සහ සාමාජිකයෝ සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment