නව ග්‍රාම නිලධාරීහු 1942ක් හෙට පත්වීම් ලබති

49

ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ 1942ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (08දා) පත්වීම් ලබාදෙයි.

ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාමලේඛනය ඊයේ (06දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කළ බවත් ඒ සුදුසුකම් ලැබූ සියලු දෙනාට පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අඅඅගපදය්ගටදඩගකන නිල වෙබ් අඩවියේ මෙම නාම ලේඛනය පළ කර ඇති බවයි. විභාග දෙපාර්තමේන්තුව මඟින් 2023 දෙසැම්බර් 02දා ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදී.

මෛ ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන් අතරින් කිසියම් අයකුට කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment