ශිෂ්‍යත්ව පළමු ප‍්‍රශ්න පත‍්‍රයට දරුවන්ට අහිමි කළ විනාඩි 10 නැවත ඔවුන් දුන්නේ නෑ – වැලිමඩ විජය විද්‍යාලයේ ප‍්‍රකෝපයට පත් දෙමාපියෝ වැලිමඩ – බදුල්ල පාර වසා විරෝධතාවක

478

සොයා බලා  පියවරක් ගන්නවා – වැලිමඩ කලාප  අධ්‍යාපන අධ්‍යක්‍ෂ
 
 ශිෂ්‍යත්වයේ කඳුළු කතා
 

 මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති ඉකුත් 22 දා වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිමඩ විජය විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ ශිෂ්‍යත්ව පළමු ප‍්‍රශ්න පත‍්‍රය නියමිත වේලාවට සිසුන්හට ලබා නොදුන් බව පවසමින් එම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගය හරස් කර පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර තත්ත්වය පාලනය කිරීමට වැලිමඩ පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවීමට සිදුවිය.

 එදින පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප‍්‍රශ්න පත‍්‍රය විනාඩි 10 ක් ප‍්‍රමාද වී සිසුන්ට ලබාදුන් බවට චෝදනා කළ දෙමාපියන්, එම දරුවන්ට අහිමි වූ විනාඩි 10 ක කාලය නැවත ඔවුන්ට ලබාදීමට විභාගය මෙහෙය වූ බලධාරීන් ක‍්‍රියා නොකළ බවට මව්පියන් හා සිසුන් චෝදනා කළේය. මෙම විභාග මධ්‍යස්ථානයේ සිසුන් 279 ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනි සිටි අතර මෙම අසාධාරණය සිදුව ඇති බවට දෙමාපියන් චෝදනා එල්ල කළේ සිසුන් 150 ක් පෙනී සිටි විභාග ශාලාවකය.

 සිද්ධියෙන් ප‍්‍රකෝපයට පත් මව්පියන් ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසු වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගය හරස් කර පැය දෙකක කාලයක් විරෝධතාවයේ නිරත වෙමින් මෙලෙස අසාධාරණය වූ ළමයින් සඳහා යම් සාධාරණයක් ඉටු කරදෙන මෙන් ඉල්ලා සිටි අතර මෙම විරෝධතාවය හේතුවෙන් වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වැලිමඩ විජය විද්‍යාලය අසලින් සම්පූර්ණයෙන් ඇණ හිටියේය.

 විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට පළමු ප‍්‍රශ්න පත‍්‍රය ලබාදෙන විට පෙරවරු 9.40 පමණ වූ බවත් 10.30 වන විට එම පිළිතුරු පත‍්‍ර නැවත එකතු කළ බවයි. එමෙන්ම තමන්ට අහිමි වූ විනාඩි 10 නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට විභාග මධ්‍යස්ථානයේ සිටි ගුරුවරුන් තමන්ට බැණ වැදුණු බවත්ය. ඇතැම් ළමයින් විභාග මධ්‍යස්ථානයෙන් එළියට ආවේ කඳු`එ සලමිනි.

 අනතුරුව සිසුන් හා මව්පියන් වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා හමුවූ අතර සිදුව ඇති අසාධාරණය පිළිබඳව දන්වා සිටිමින් ලිපියක් භාර දීමට කටයුතු කළ අතර ඔහු කියා සිටියේ මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

 බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment