යුද්ධය ඉවර කළා වගේම දූෂිතයන් සුද්ද කරනවා – සරත් ෆොන්සේකා

429

මේ රටේ තියෙන විශාලතම දුර්භික්ෂය දූෂණය හා අවභාවිතය බවත් යුද්ධය අවසන් කරපු ආකාරයෙන් මේවා නතර කර රට ගොඩනැගීම සදහා තමන් කැපවෙන බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

සමගි ජන බලවේගයේ බද්දේගම ආසන බලමණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව ස`දහන් කළේය. වඳුරඹ නගරශාලාවේදී මෙම රැුස්වීම පැවැත්විණි. සරත් ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීවේය. දේශපාලනඥයන්ගේ නායකත්වයෙන් තමයි දූෂණය හා අවභාවිතය සිදුවන්නේ. මේවා නැතිකොට නීතිය අගයන, ආරක්‍ෂාව තියෙන ජනතාවට ජීවත්වීමට හැකි පිරිසිදු රටක් බිහිකිරීම ස`දහා මගේ උපරිම කැපකිරීම කරනවා. යුද්ධ කරපු අයුරින් මෙදාපාර දූෂිතයන් සුද්ද කරනවා. දූෂණයට අවභාවිතයට පුරුදු වෙලා ඉන්න දේශපාලනඥයන් රජයේ සේවකයන් ජාවාරම්කරුවන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් රටට අහිතකර දේවල් කරනවා. මේ රට ගොඩනැගීම ස`දහා ඒ අය සුද්ද කළ යුතුයි.

විදුලිය කැපීම, ගෑස් හිඟය ඇතුළු සියලූ ප‍්‍රශ්න මේ රජය නිර්මාණය කළ ප‍්‍රශ්න. මේ රජයේ නොහැකියාව නිසා තමයි මේ ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. ඔවුන් ජාවාරම්කරුවන් ආරක්‍ෂා කරනවා. ඒ අයගේ ජාවාරම් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය විදියට ගිවිසුම අත්සන් කරලා පසුබිම සකස් කරලා දෙනවා. ජනතාව දුක්වි`දින්නේ මේ රජය විසින් නිර්මාණය කරපු ප‍්‍රශ්නවලට මුහුණදීලා. මේ තුළින් ජනතාව බේරගන්න එක අමාරු වැඩක් නොවෙයි. මාසයක් දෙකක් වැනි කෙටිකාලයකින් මෙම ප‍්‍රශ්න විස`දිය හැකියි යැයිද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ස`දහන් කළේය.

ලලිත් චාමින්ද සහ  එස්. කේ. කළුආරච්චි –  ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment