මයිකල් ඇවිස්සෙයි සේසතම සුද්දයි

415

මේ සිද්ධිය වුණේ මීට ටික කාලෙකට උඩදීයි. මයිකල් හොඳ ගොවි මහතෙක්. එයා පදිංචි වෙලා හිටියෙ අනුරාධපුර නොච්චියාගම පැත්තෙ. මයිකල් ගොවිතැන් කටයුතු කළාට ගෙදර ආර්ථික ප‍්‍රශ්න අහස උසට ගොඩ ගැහිල තිබුණා.

 මයිකල් තරුණ විය ඉක්මවා යන වයසෙ හිටිය කෙනෙක්. එයාගෙ බිරිඳ තරුණයි.

 ආර්ථික ප‍්‍රශ්න නිසාම මයිකල්ගෙ බිරිඳ සෞදි අරාබියෙ රැකියාවකට ගියා. දරුවො දෙන්නත් බලාගෙන මයිකල් ගෙදරට වෙලා හිටියා. බිරිඳ එවන මුදල්වලින් දරුවන්ටත් උගන්වලා ගේදොරත් හොඳට හදාගෙන මයිකල් බොහොම දැහැමි ජීවිතයක් ගත කරමින් සිටියා. අවුරුදු හතරකට විතර පස්සේ බිරිඳ රට ඉඳලා එනවා කියලා පණිවුඩයක් ආවා. මයිකල්ට හරි සතුටුයි. බිරිඳ එන කතාව එයා දරුවන්ටවත් කිව්වෙ නැහැ. එයාට ඕනෙ වුණේ හැමෝම විස්මිත කරන්න. බිරිඳ එනවා කිව්ව දවසෙ උදේම මයිකල් කටුනායක ආවා.

ablick1

 ‘නෝනා ආවම කටුනායකින් වාහනයක් කුලියට අරගෙන ගෙදර යනවා. මයිකල් එහෙම හිතුවා.’

 කටුනායකට ආවට පස්සේ තමයි මයිකල් දැනගත්තේ නෝන එන්න තිබුණු ගුවන් යානය පැය 5 ක් ප‍්‍රමාදවෙන බව. දැන් මොකද කරන්නෙ. ? 11.00 වෙනකල් මේක ඇතුලට වෙලා ඉන්න බැහැ. වටපිට බලන්නත් එක්ක එළියට යන්න ඕනෙ.

 එහෙම හිතපු මයිකල් ගුවන් තොටුපළ ආසන්නයේ තියන වාහන රථ ගාල දිහාවට ගියා. ඒ වෙනකොට රථ ගාල හිස්වෙලා. කරන්න වැඩකුත් නැහැ. දන්න හ`දුනන කෙනෙක් නැහැ කතා කර කර ඉන්නවත්. මයිකල් රථ ගාල කෙළවරේ තිබුණු සිමෙන්ති බංකුවක වාඩිවුණේ අරමුණක් නැතිවයි.

 අයිය කවුරු එනකල්ද ඉන්නෙ. එක පාරටම ඇහිච්ච මිහිරි හඬින් මයිකල් තිගැස්සුනා.

 ‘‘මම අපේ නෝනා එනකල් ඉන්නෙ. ප්ලේන් එක පැය 5 ක් ප‍්‍රමාදයි. කරන්න දේකුත් නැති නිසා මෙතනට ආවේ.’’

 බොහොම සුන්දර යුවතියක් මයිකල් ඉදිරිපිට. තව මැදිවියේ පුද්ගලයකුත් හිටියා.

 ‘‘මගේ නෝනා එන්නෙත් ඒ ප්ලේන් එකේ. මේ නෝනගෙ නංගි. යන්න තැනකුත් නැති නිසා අපි මෙතනට ආවෙ. මැදිවියේ පුද්ගලයා කිව්වා. වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. මේ දෙපාර්ශ්වය බොහොම කුළුපග වුණා. දෙපාර්ශ්වයේම තොරතුරු හුවමාරු වුණා.

 සුන්දර යුවතිය තමන් දිහා හොරෙන් හොරෙන් බැලූම් හෙළන බව මයිකල්ට තේරුණා. මයිකලූත් ඒ යුවතියට දෑස්වලින්ම පිළිතුරු දුන්නා.

 දැන්නම් බඩත් ගිනියි. මං මොනව හරි කෑමට දෙයක් අරගෙන එන්නම්. මයිකල් මල්ලි හම්බවෙච්ච එක හොඳට ගියා. නංගියේ අයියත් එක්ක ඉන්න. මං කඬේට ගිහින් එනකල්. යුවතියගෙ මස්සිනා එහෙම කියලා සිමෙන්ති බංකුවෙන් නැගිටලා කටුනායක නගරය දෙසට ගියා.

 මේක නම් නරියට කුකුල්ලූ භාරදුන්නා වගේ කියලා මයිකල්ට හිතුනා. මයිකල් අර යුවතියට කිට්ටු වුණා.

 අනේ අනේ මං දැක්කා ඔය හොරෙන් හොරෙන් මගේ දිහා බලන හැටි. මට අපේ අයියට කියන්නත් හිතුනා. මෙයා මට මනමාලකම් කරනවා කියලා.

 යුවතිය මයිකල්ගේ කණ මිරිකමින් කිව්වෙ නෝක්කාඩු ස්වරයෙනුයි. ඔයා හිටපු එක ලොකු දෙයක්. නැත්නම් මට මෙතෙන ඉඳලා ඇතිවෙනවා. එහෙම කියපු මයිකල් අර යුවතියගේ දෑතම අල්ල ගත්තා. කිසිම විරෝධයක් නැතිව ඇයත් මයිකල්ට තුරුළු වුණා. ඒ වෙනකොට රැ බෝවෙලා. පහන් කණු කීපයකින් විහිදෙන මන්දාලෝකය අදුර මකන්න ප‍්‍රමාණවත් වුණේ නැහැ. යුවතිය මයිකල්ට තව තව තුරුළු වුණා. මයිකල්ට දැන් උන්හිටි තැන් මතක නැහැ. යුවතියගේ සියුමැලි අතැඟිලි මයිකල්ගෙ සිරුර පුරා දිව ගියා. මයිකල් අර සුන්දර යුවතියත් එක්ක වෙනම ලෝකයක තනිවුණා. පැයකට විතර පස්සෙ අර යුවතියගේ මස්සිනා කෑමත් අරගෙන ආවා. ඒ වෙනකොට දැඩි කුසගින්නක හිටිය මයිකල් මාළු බනිස් දෙකක් ගිලදාලා පැණිබීම බෝතලයක් එක හුස්මට ඉවර කළා. යන්තම් මේ මනුස්සයට සිහිය එනවා වගේ. මැදෑ දවස් දෙකකට තිස්සෙ මළ මිනියක් වගේ වැටිලා හිටියෙ. අපිට නම් එයාගෙ ජීවිතේ ගැන ෂුවර් එකක් තිබුණෙ නැහැ.

 තමන් වටා ඉන්න වෛiවරුයි හෙදියොයි කතා කරන හඬ මයිකල්ට යන්තමින් ඇහෙන්න ගත්තා.

 මං මේ කොහෙද ඉන්නෙ. කෝ මගේ නෝනා. එයා දැන් ප්ලේන් එකෙන් බැහැලා ඇති. මයිකල් නින්දෙන් අවදිවුණා වගෙ කියවන්න පටන් ගත්තා. ඔයා කලබල වෙන්න එපා. මං මේ ළඟ ඉන්නවා. ඔයාට පොඩි කරදරයක් වෙලා තිබුණෙ. පොලිසියේ මහත්වරු ඔයාව ඉස්පිරිතාලෙට ගෙනත් දාලා තියෙන්නෙ.

 මයිකල්ගෙ බිරිඳ වටින් ගොඩින් සිද්ධ වෙච්ච දේ ගැන කිව්වා. ආගන්තුක යුවතියයි එයාගෙ මස්සිනා කියන පුද්ගලයයි දුන්න පැණි බීම බෝතලේ බිව්වට පස්සේ මයිකල් සිහිසුන්වෙලා වෛද්‍යවරු කියන්නේ ඒ පැණිබීම බෝතලේ අධික මත්පෙති විශේෂයක් එක්කරලා කියලා.

 කටුනායක ගුවන්තොටුපළ රථ ගාලේ වැටිලා හිටිය මයිකල්ව හොයාගෙන තියෙන්නේ රාත‍්‍රි රාජකාරියේ හිටිය පොලිස් නිලධාරීන්. මයිකල් ළඟ වැටිලා තිබුණු හැඳුනුම්පතෙන් තමයි එයාගෙ අනන්‍යතාව හොයාගෙන තියෙන්නෙ. අනේ මගේ කරේ තිබුණු පවුම් හයක මාලෙ කෝ. බ්‍රේස්ලට් එකත් නැහැ. මුදු දෙකත් නැහැ. පර්ස් එකේ රුපියල් පනස්දාහක් විතර තිබුණා. කෝ ඒක. ඒවෙනකොට මයිකල්ට තිබුණෙ එයාගෙ ඇදිවත විතරයි. එදා රාත‍්‍රියේ ගුවන් යානයෙන් බැස්ස මයිකල්ගෙ බිරිඳ කුලී රථයකින් අනුරාධපුරේ ගිහින් තිබුණා. ඒ ගිහින් දවසකට විතර පස්සෙ තමයි මයිකල් රෝහල්ගත කරලා ඉන්නවා කියලා පොලිසියෙන් ඇමතුමක් ඇවිත් තියෙන්නෙ.

 මදැයි පවුලෙ කට්ටිය සර්ප‍්‍රයිස් කරන්න ගියා. තව පොඞ්ඩෙන් මයිකල්ගෙ ජීවිතෙත් නැතිවෙනවා.

 මේ සිද්ධිය විමර්ශනය කරපු එවකට කටුනායක පොලිසියේ ස්ථානාධිපති වෙලා හිටිය එරික් පෙරේරා මහතා අපරාධකාරයෝ අල්ලන්න පරීක්‍ෂණ ආරම්භ කළා.

 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment