ලිංගික අපයෝජන චෝදනා වලින් නිදහස් වූ 66 හැවිරිදි දෙදරු පියා

599


වසර 08කට පෙර හම්බන්තොට ලුණුගම්වෙහෙරෙදී 10 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු අදාල චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස හම්බන්තොට මහාධිකරණය අද නියෝග කළේය.
මෙලෙස අදාල චෝදනා වලින් නිදොස්කොට නිදහස් කෙරුණේ ලුණුගම්වෙහෙරලඅක්කරකාල්ගොඩ පදිංචි දෙදරු පියෙකු වන රොබට් රාජ තිලක නැමති 66 හැවිරිදි තේ කොළ ව්‍යාපාරිකයෙකි.
අපයෝජනයට පත් දැරියගේ ආච්චි හා අපයෝජනය සිදුකළ බව කියන සැකකරු අතර තේ කොළ පැකට් සම්බන්ධයෙන් වු මුදල් ගණුදෙනුවක් මත කලකට පෙර දෙපාර්ශවය අතර හිත් අමනාපකමක් ඇතිව තිබේ.එලෙස දෙපාර්ශවය අතර ඇති වු අමනාපයෙන් පසු දිනක මෙම තේ කොළ ව්‍යාපාරිකයාට එරෙහිව සිය 10 හැවිරිදි දැරිය අපයෝජනය කළ බවට ලුණුගම්වෙහෙර පොලිසියට දැරියගේ පාර්ශවය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් සැකකාර තේ කොළ ව්‍යාපාරිකයාට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ 2019/02/06 දින හම්බන්තො මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන ලදි.
ඒ අනුව හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට අසමත් විම හේතුවෙන් ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිත අදාල චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment