BOC කාඩ්පත් සේවාව මෙවරත් Daraz සම්මානයෙන් පිදුම් ලබයි

120

මෙරට ප්‍රමුඛතම ඩිජිටල් අලෙවි සේවාවක් වන Daraz Payment Partner Performance Award – 2022 සම්මාන උළෙලෙහි දී හොඳම ක්‍රියාකාරී ඩෙබිට් කාඩ්පත් සේවාවට පිරිනැමෙන සුවිශේෂී සම්මානය හිමි කර ගැනීමට මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව සමත් විය.

පසුගියදා කොළඹදී පැවැත්වුණු මෙම සම්මාන ප්රදානෝත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (නිපැයුම් හා බැංකු සංවර්ධන) අජිත් කරුණාරත්න, සහකාර මහා කළමනාකරු (ඉලෙක්ට්‍රොනික් බැංකුකරණ) එරංග බණ්ඩාර, සහකාර මහා කළමනාකරු (ඩිජිටල් නිපැයුම් ප්‍රවර්ධන) එන්. ඒ. එන්. සී. පියුමාල්, ප්‍රධාන කළමනාකරු (ඩිජිටල් නිපැයුම් ප්‍රවර්ධන) හසිත අමරසේකර සහ විකුණුම් කළමනාකාර (ඩිජිටල් නිපැයුම් ප්‍රවර්ධන) අමිල තිලකරත්න යන මහත්වරු සහභාගී වූ අතර, Daraz ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා අතින් මෙම සම්මානය ලබා ගනු ලැබුවේ ලංකා බැංකුවේ ගෙවීම් හා සබඳතා අංශ ප්‍රධානී දුලීක ජයමාන්න මහතා විසිනි.

ලංකා බැංකු කාඩ්පත් 400%ක වර්ධනයක් සමඟ 2021 වසරේ දී Daraz.lk තුළ ඉහළම ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පරිමාව වාර්තා කිරීමට සමත් වූ අතර, සිය ඩිජිටල්කරණ ක්රියාවලිය ශක්තිමත් කිරීම හා කාඩ්පත් මගින් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය තහවුරු කරමින් ලංකා බැංකුව මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 2 වන අවස්ථාව මෙය යි.

advertistmentadvertistment
advertistmentadvertistment