පෙට‍්‍රල් ඉල්ලූම 50% කින් නැගලා

167

ඉන්ධන හල්වල පෙට‍්‍රල් ඉල්ලූම සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.

සාමාන්‍ය දිනවල ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 3300 ක් පමණ භාවිතයට ගත්තද මේ වනවිට එය මෙටි‍්‍රක් ටොන් 4900 දක්වා වැඩිවී ඇතැයිද විජේසිංහ මහතා කීය. මේ ආකාරයෙන් ඉන්ධන සැපයීම වැඩි කළත් ජනතාව වෙනදාට වඩා වැඩි වශයෙන් ඉන්ධන ගබඩා කර ගැනීම නිසා ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වී ඉන්ධන හි`ගයක් නිර්මාණය වී ඇතැයි ද ඒ මහතා කීය.

ඞීසල් ඉල්ලූමෙහි යම් අඩුවීමක් පවතින බවත් එය ඇතැම් විට අන්තර් පළාත් සීමාවන් නිසා සිදුවී ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.

රට තුළ තෙල් හි`ගයක් නැතැයිද ජනතාවද ඉන්ධන අවශ්‍ය ප‍්‍රමාණයට ඉන්ධන හල්වලින් ලබාගන්නේ නම් අනවශ්‍ය තදබදයක් ඇති නොවන බවද කී විජේසිංහ මහතා නොබෝ දිනකින් ඉන්ධන මිලෙහි වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment