කේවට්ට උපදෙස් නිසා ජනතා ප‍්‍රශ්න ඔඩුදුවලා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

236

ආණ්ඩුව නොම`ග යවන කේවට්ට උපදෙස් නිසා රටේ සැබෑ ජනතා ප‍්‍රශ්න ඔඩුදුවා ඇතැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති, කොළඹ අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (25 දා) පැවසූහ.

තෙල්, ආහාර, ගෑස් මෙන්ම සිමෙන්ති සහ පොහොර ප‍්‍රශ්නය නිසා ජනතාව අසරණවී සිටින බවත් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මැදිහත්ව ක‍්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන රටක් සෞභාග්‍යමත් කළ නොහැකි නිසා මූලික ජනතා අවශ්‍යතා සපුරාලීමට රජය පියවර ගත යුතු බව පැවසූ උන්වහන්සේ මේ වනවිට රට තුළ පවතින පරිපාලන දුර්වලතා හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇතැයි ද කියා සිටියහ.

ජන පීඩනය උග‍්‍රවීම රටට මෙන්ම පාලකයන්ටද යහපත් තත්ත්වයක් නොවන නිසා ජනතාව ජීවත් කර වීමට ප‍්‍රමුඛත්වය ලබාදීමට රජය පියවර ගත යුත්තේ කේවට්ට උපදෙස් අනුව නොව සැබෑ ලෙසම ජනතාව අතරට යමින් බවද උන්වහන්සේ පැවසූහ.

බඩු මිල වැඩිවීම මින් පෙර රජයන් යටතේත් සිදුව තිබුණත් වර්තමානයේ එය දැරිය නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි කී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොවිඞ් වැනි වසංගත තත්ත්වයක් හමුවේ ඒ පිළිබඳව අවධානය යොමුකර ජනතාව කබලෙන් ලිපට නොදැමීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවත් වැඩිදුරටත් කියා සිටියහ.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment