ණය ප්‍රතිව්‍යූහගත කරන්න මැයිවලත් එකඟතාවලට එනවා – මහ බැංකු අධිපති

101

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ස්වෛරී ණය දෙන්නන් සමග මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශ්වික සාකච්ඡා මගින් අවසන් එකඟතාවකට එළඹෙන්නේ ද යන්න පිළිබඳව අදාළ පාර්ශ්ව අවසන් තීරණයකට එළඹෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවය සමග වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment