‘යකඩ යකා’ 21 දා තෙක් නිවාඩු!

160

දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම ලබන 21 දා දක්වා කල්ගිය බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය.

ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතාගේ සහ ප‍්‍රවාහන අමාත්‍යාංශ උපදෙස් අනුව මෙම තීරණ ගත් බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව එදින පටන් කාර්යාල දුම්රිය 138 ක් පමණක් ධාවනය කිරීමට දැනට කාලසටහන් සකස් කර ඇතැයි ද ඒ මහතා කීය.

කෙසේ වෙතත් මීට පෙර සැලසුම් කර තිබුණේ හෙට (15 වැනිදා) සිට දුම්රිය ධාවනය කිරීමටය.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment