ණය ගත් ව්‍යවසායකයන්ට සහන දෙන්න – සියඹලාපිටිය කියයි

80

බැංකු ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කර ගනිමින් මේ සහන සලසන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.

ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා ඇති තත්ත්වය තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බව අමාත්‍යවරයා කියයි. බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර ගැනීම අත්‍යවශ්‍ය වුව ද ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව හෙතෙම පැවසීය.

එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය. අදාළ බැංකු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු වෙතින් ඉල්ලීමක් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment