වගාවට ජලය ඉල්ලා වලවේ ගොවියන් උසාවි යනවා – ජාතික ගොවිජන එකමුතුවේ සභාපති

50

වලවේ ගොවි ජනතාව ජලය ඉල්ලා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාද තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ජලය ලබාදීමට කංචන විජේසේකර ඇමැතිවරයා ක්‍රියා නොකළහොත් ඔහුගේ ඇමැති පට්ටම ගැලවීමට සූදානම්” යැයි ද ඔහු කීවේය.

මාධ්‍ය හමුවේ තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය.

අපි තීරණයක් ගත්තා ජලය ඉල්ලලා අධිකරණ ක්‍රියා මාර්ගයකට යන්න. මේ ලෝකයේ ජලය දීමේදී නිර්ණායකයන් තියෙනවා 4 ක්. ඒකේ 4 වැනියට තමයි තියෙන්නේ ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය යොදා ගැනීම. විදුලිබල ඇමැති කංචනට ඒක තේරෙන්නේ නෑ. ගොවි ජනතාවගේ ඉරණම තීන්දු කරන වතුර ටික සමනලවැවෙන් දුන්නේ නැත්නම් අපි සූදානම් කංචන ඇමැතිවරයාගේ ඇමැති පට්ටම ගලවන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment