රූමතියකට සෙවල හලලා – රස්සාවෙනුත් දොට්ට දමලා

1628

කාන්තා හිංසනය ගැන බොහෝ අය කතා කරති. කාර්යාල පරිශ‍්‍ර තුළ ද විවිධ මට්ටමේ අයගෙන් කාන්තාවන්ට සිදුවන හිරිහැර, අතවර අපමණය. මේ කතාව ද එවැන්නකි.

 ඇය රූමත්ය. සුන්දරය. වරක් දුටු අයෙකුට දෙවරක් නොව කිහිපවරක් බලන්නට සිතෙන තරම් ආකර්ෂණීයය. ඇය මෙකී ආයතනයට ඇවිත් ගතව ගියේ දින කිහිපයකි.

 එක්තරා සේවකයෙක් ඇයට නිතර නිතර විහිළු තහළු කළේ යටිහිතේ මොන මොන අරමුණින්දැයි ඇයට සිතුන වාර අපමණය.

 ‘‘මොන කරදරයක්ද? ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ඇය සැරෙන් එලෙස කියා සිටියේ මේ ඇණෙන් ගැලවී සිටීමටය. නමුත් පෙර කී තරුණයා ඇයට කළ උසුළුවිසුළුවල අඩුවීමක් වූයේම නැත.

 ‘‘ඔයාගේ පාට හොඳයි. ලස්සනයි. මගේ හිතේ තියෙනවා පොඩි සැලොන් එකක් පටන් ගන්න. බැරිද ටික දවසකට ඒකේ ෂෝ රූම් එකේ පෙනුමට වාඩිවෙලා ඉන්න’’ ඔහු තව තවත් සිත පාරවන කතා කිහිපයක් කළේ ඇගේ සියොළඟම වෙව්ලූම් කවමිනි.

 ඇගේ අතට අසුවූයේ කතුරය. කතුර වැරෙන් ඔහුගේ සිරුර පසාරු කර ගියේ සැණිනි.

 ඔහු රෝහල්ගත කෙරිණ. මුළු ආයතනයම තරුණියගේ ක‍්‍රියාව නිවැරදි බව කියා සිටියේ ඔහු අන්ත අසරණ කරමිනි.

 උසුළුවිසුළු කර සෙවල පෙරූ ඔහුට අන්තිමට රස්සාවද අහිමි විය.

 ඇය ඔහුට කෙටි දුරකථන ඇමතුමක් දී කියා සිටියේ ‘‘සොරි මෙයා’’ කියාය.

 පේ‍්‍රම්

රූමතියකට සෙවල හලලා - රස්සාවෙනුත් දොට්ට දමලා

advertistmentadvertistment
advertistmentadvertistment