ගඳ සුවද බලා වෙළෙඳපොළට ගෑස් දෙන්න යයි

248

ගඳ සුවඳ පරීක්‍ෂා කිරීමෙන් පසු ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත්කිරීමට වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (01 දා) තීරණයක් ගෙන තිබේ.

 මෙම තීරණය ගෙන ඇත්තේ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

 මීට අමතරව ගෑස් මෙරටට නැව්ගත කිරීමට පෙර ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම ඇතුළු තීන්දු රැුසක් ගෙන ඇත.

 වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැුස් වූ අතර මෙම උපදේශක කාරක සභාව රැුස් වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මතය.

 පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී ප‍්‍රශ්න කිහිපයක් මතුකර ඇති අතර ඒවාට හැකි ඉක්මණින් ලිඛිතව හෝ වාචිකව පිළිතුර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. පැමිණ සිටි සියලූ පාර්ශ්වවලින් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment