බිඳුණුවැව හන්දියේදී නවත්වන්නැයි අණකළ ත්‍රිරෝද රථයක් පොලිස් නිලධාරියෙකු හප්පා පලායයි

123

බණ්ඩාරවෙල පොලිසියට අනුයුත්ත රථවාහන පොලිස් නිලධාරියකු බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව මංසන්ධිය ආසන්නයේ රාජකාරියේ යෙදී සිටියදී 21දා රාත්‍රියේදී ත්‍රිරෝද රථයක් හප්පා පලා ගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙම අනතුරින් තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

බදුල්ල ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල නගරය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නතර කරන ලෙසට මෙම පොලිස් නිලධාරියා සංඥා කිරීමත් සමග මෙම ත්‍රිරෝද රථයේ රියැදුරු මෙම පොලිස් නිලධාරියා හප්පා තුවාල සිදු කර පලා ගොස් ඇතයි පොලිසිය කියයි.

මෙසේ පලා ගිය ත්‍රිරෝද රථය සහ රියැදුරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කල්පහන සහ පොලිස් අධිකාරි බී.ඒම්.ඒම්. දසනායක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිරි මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

advertistmentadvertistment
advertistmentadvertistment