සිනමාව වර්ණවත් කරන අද සිට

40

අජිත් පී. ධර්මසූරියගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ඉන්ද්‍රා පතිරාජගේ නිෂ්පාදනයෙන් ශ්‍රී ලාංකේය සිනමාව තිළිණ කරන නැවුම් සිනමා නිර්මාණය වන ‘වර්ණ’ අද (01 වැනිදා) සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත කෙරේ.

විශ්ව කොඩිකාර, ලක්ෂමන් මෙන්ඩිස්, චමත්කා ලක්මිණි, ජයනි සේනානායක, සුරේන්ද්‍ර කුමාර, මෙනුෂි බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, නිරෝෂන් බුද්ධික මේ සඳහා රංගනයෙන් දායක වන අතර මෙහි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා ගෙනි. බිනූ කොස්තාගේ සංස්කරණයෙන් හා වර්ණ සංයෝජනයෙන් ද විශාරද සමන්ත පෙරේරාගේ සංගීතයෙන් ද ඩිරාන් ජයසිංහගේ ශබ්ද පරිපාලනයෙන් ද අචලා උදේනි කුමාරිගේ නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ‘වර්ණ’ නිර්මාණය වී ඇත.

ආසියාතික ජන සමාජයේ සංස්කෘතික බැඳීම් මත පවුල් සංස්ථාවක මව, පියා, දියණිය යම් සිදුවීමක් කෙරෙහි විවිධ කෝණයන්ගෙන් විමසා බැලීම ප්‍රතිනිර්මාණය කිරීම ‘වර්ණ’ සිනමා නිර්මාණය තුළින් සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment