Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

39

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ, ශල්‍ය හා විකිරණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් නවීනතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී.

මෙම තාක්ෂණය මඟින් වකුගඩු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් මෙන්ම උසස් ප්‍රතිකාර පහසුකම් හිඟයක් පවතින වර්තමාන තත්ත්වය වෙනුවෙන් විසඳුම් සැපයීම අරමුණු කරගනු ලබයි.

Dornier MedTech විසින් නිපදවන ලද Medilas H140 නවීනතම Holmium YAG ලේසර් කිරණයක් වන අතර එමඟින් මෙරට මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා නව ප්‍රමිතියක් නිර්මාණය කරමින් වකුගඩු රෝගීන්ට නිවැරදි හා ආරක්ෂිත ප්‍රතිකර්මයක් ලෙස ක්‍රියාත්මක වේ. වර්තමානයේ වෙළෙඳපොළේ ඇති ඉහළ බලැති HolmiumYAG නම් ලේසර් වලින් එකක් මෙම යන්ත්‍රය තුළ අන්තර්ගත වන අතර එසේම තනි උපාංගයක් ලෙස ලේසර් හා මොර්සෙල්ලේටරයක (Morcellator) හැකියාවන් ඒකාබද්ධ කරමින් වඩාත් ආරක්ෂිත හා වේගවත් අයුරින් මුත්‍රා ගල් ඛණ්ඩනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment