සෙලින්කෝ VIP වෙතින් පැය 24ක් තුළ වාහන රක්ෂණය පාරිභෝගිකයාගේ අතටම

73

රක්ෂණ ක්‍ෂේත්‍රයට පුරෝගාමී හඳුන්වාදීම් රැසක් සිදුකළ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තවත් සුවිශේෂී සේවාවක් මුල් වරට හඳුන්වා දෙමින් සෙලින්කෝ VIP On the Spot වාහන රක්ෂණය තමන් සිටින තැනටම ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම සේවාව සඳහා කිසිඳු අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර 2024 ජනවාරි 2 සිට මෙම සේවාව ක්‍රියාත්මක වේ.

මෙම සේවාව පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ලබා ගැනීමට සමාගම විසින් 1334 කෙටි ඇමතුම් අංකයක් ද හඳුන්වා දී ඇත. ජංගම/ස්ථාවර ඕනෑම ජාලයක් හරහා මෙම අංකය ඇමතීමේ හැකියාව ඇති අතර සතියේ දින 7ම පැය 24 පුරා මෙම සේවාව විවෘතව පවතී. 1334 ක්ෂණික ඇමතුම වෙත ලැබෙන තොරතුරු ඒ මොහොතේම ළඟම ඇති ශාඛාවට යොමු කෙරෙන අතර අදාළ වාහන රක්ෂණය පැය 24ක් ඇතුළත පාරිභෝගිකයා සිටින තැනටම ලබාදීම මේ හරහා සිදුකෙරේ.

තවද, මෙම නව සේවාවට අමතරව සෙලින්කෝ VIP On The Spot වාහන රක්ෂණ ඔප්පු හිමියන්ට සෙලින්කෝ VIP On The Spot වෙතින් පමණක් පිරිනමන සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සඳහා ගැරන්ටියක් ද පිරිනැමේ. වත්මන් රක්ෂණ ඔප්පු අලුත් කිරීමේ දී මෙම ගැරන්ටිය ලබ දෙන අතර, නව පාරිභෝගිකයන්ට මෙය සෙලින්කෝ VIP On The Spot රක්ෂණාවරණය ලබා ගැනීමේ දී හිමිවනු ඇත.

මෙම නව සේවාව හඳුන්වා දී මේ අවස්ථාවට සහභාගී වෙමින්, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, රෙක්ස් ගුණතිලක මහතා, ලාංකික ජීවන රටාව වඩාත් කාර්යබහුල වීම නිසා මෙම සේවාව සියලුම වාහන හිමියන්ට ඉතාමත් ලොකු පහසුවක්. මිල අධික වාහන හිමියාගේ සිට තෙවැනි පාර්ශවයේ ආවරණයක් ඇති මෝටර්සයිකල් හිමියා දක්වාම මෙම සේවාව ලබා දී තිබෙනවා. කිසිඳු ගාස්තුවක් නොමැතිව ඕනෑම වර්ගයේ ආවරණයක් පාරිභෝගිකයාගේ දොරකඩටම පැය 24ක් ඇතුළත අපි ලබාදීමට කටයුතු කරනවා. නිරන්තරයෙන්ම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විසඳුම් ලබාදෙන රක්ෂණ සමාගමක් ලෙස මෙම නව සේවාව ඔබට ලබා දෙන්නේ අපගේ පොරොන්දු අඛණ්ඩව ඉටු කිරීමක් ද ලෙසයි. සම්පත් විශාල ප්‍රමාණයක් යොදවමින් අප දියත් කළ මේ මහඟු සේවාවේ උපරිම ඵල පාරිභෝගිකයන් විසින් ලබා ගනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment