ටී-10 වසන්තය දෙසැම්බර් මස දී

178

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනවලට අනුව ටී-10 තරගාවලිය පැවැත්වීමට හැකි කාලවකවානුව ලෙස ඉහත කාලපරිච්ඡේදය තෝරා ගෙන ඇත.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ටී-10 තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ තරුණ ක්‍රීඩකයන්ට අත්දැකීම් බෙදා ගැනීමේ අවස්ථාවද උදාවනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, ප්‍රකාශ කළේ මෙම තරගාවලිය සාර්ථක තරගාවලියක් බවට පත්වනු ඇති බවට තමාට විශ්වාස බව ද මෙමගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රවණතාවක් ඇති වනු ඇති බවයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි පිරිමි කණ්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් තරග වැදීමට නියමිතය. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් ලෙස තෝරා ගත හැක. තරගාවලියේ සියලුම තරග ශ්‍රී ලංකාව දිවා රාත්‍රී පහසුකම් සහිත ක්‍රීඩාංගණ වල විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment