යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට සෙනත් ජයතිලක පත් කෙරේ

39

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස 2024 ජනවාරි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි සෙනත් ජයතිලක මහතා පත් කර ඇති බව එම සමාගම සතුටින් නිවේදනය කරයි. සෙනත් ජයතිලක මහතා සමාගමේ නායකත්වයේ අනිවාර්ය සාධකයක් වූ අතර, ඔහු මීට පෙර නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී (2023 ජනවාරි – 2023 දෙසැම්බර්) සහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී (2019 නොවැම්බර් – 2022 දෙසැම්බර්) ලෙස සේවය කර තිබේ. වසර ගණනාවක් පුරා දිවෙන යූනියන් ඇෂුවරන්ස්හි පරිවර්තනීය ගමනෙහි ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති අතර, සමාගම තුළ ධුර කාලය සම්පූර්ණ කරමින්, සමුගෙන යන ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස්ගෙන් පසුව ඔහු එම ධූරයට පත් විය.

පුළුල් නායකත්ව අත්දැකීම් මෙන්ම එම ධූරයට අවශ්‍ය සුදුසුකම් සුවිශේෂී ලෙස සපුරමින්, ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක භූමිකාවන්හි තහවුරු කළ දක්ෂතා සමගින්, සෙනත් ජයතිලක මහතා යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මීළඟ අදියරේ වර්ධනයට නායකත්වය සපයනු ඇත. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමග ඔහු සිය ගමන ආරම්භ කළේ, 2007 වසරේදීය. එතැන් සිට ඔහු නායකත්ව මට්ටමේ ප්‍රධාන භූමිකාවල නිරත වූ අතර, එය ව්‍යාපාර සංවර්ධනය, මෙහෙයුම් කළමනාකරණය, වෙළෙඳ සහ අලෙවි, ආයතනික සැලසුම් ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබේ. යූනියන් ඇෂූවරන්ස් සමාගමට සම්බන්ධ වීමට පෙර ඔහු ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක ධූරය දැරීය.

advertistmentadvertistment
advertistmentadvertistment